Pages

Sri Lanka National Flag

<--http://www.bloggertricksandtoolz.com/ -->

Featured Posts

.
banner

රටේ වෙන දේ දැන්ම දැනගන්න

Saturday, February 9, 2013

තැලසීමියාව යනු කුමක්ද???


තැලසීමියාව යනු අපගේ රුධිරයට වැළදෙන රෝගයක්. ඒ නිසා අපගේ රුධිරය පිළිබඳව යම් දැනුමක් ලබා ගැනීම, තැලසීමියා රෝගයේ ස්වභාවය තේරුම් ගැනීමට පහසුවෙනවා. නිරෝගී වැඩිහිටි පුද්ගලයකුගේ ශරීරය තුළ රුධිරය ලීටර් 5 ක් (5L) පමණ තිබෙනවා. රුධිරය එක් මිලිලීටරයක (1 mL) රතු රුධිරානු මිලියන 5 ක (5 million) පමණ තිබෙනවා. රතු රුධිරානු ඉතාම කුඩයි.
එයට තිබෙන්නේ ද්වි අවතල හැඩයක්. ඒ නිසා රතු රුධිරානුවලට නැවෙමින් හැකිළෙමින් කුඩා රුධිර නාලිකා ඔස්සේ ගමන් කළ හැකියි. අපගේ රුධිරය තරලයක්. ඒ තරලය තුළ රතු රුධිරානු සුදු රුධිරානු රුධිර පට්ටිකා ආදිය තිබෙනවා. පෙනහලු වලින් ලබාගන්නා ඔක්සිජන් ශරීරය පුරා ගෙන යන්නේ රතු රුධිරානු ඇතුළත තිබෙන හිමොග්ලොබින් නම් අණුවලින්.
අප ජීවත් වන්නේ වර්ධනය වන්නේ වැඩ කරන්නේ ඔක්සිජන් නිසයි. එමෙන් ම ශරීරයේ පටකවල එක්රැස්වන කාබන්ඩයොක්සයිඩ් වායුව පෙනහළුවලින් පිට කිරීමට උපකාරී වන්නේ රතු රුධිරානු. ඉහතින් දැක්වූ රතු රුධිරානු සෛල තුළ තිබෙන හීමොග්ලොබින් අණු නිර්මාණය වී තිබෙන්නේ හීම් (Heam) සහ ග්ලෝබින් (globin) නම් කොටස් එකට එක්වීමෙන්.
හීම් නම් කොටස තුළ යකඩ අඩංගුයි. ග්ලෝබින් කොටස නිර්මාණය වී තිබෙන්නේ ඇල්ෆා ප්‍රෝටීන් දාම සහ බීටා ප්‍රෙ‍්‍රීටීන් දාම එක් වීමෙන්. හිමොග්ලොබින් අණුවේ ග්ලෝබින් කොටසේ ඇති මෙම ඇල්ෆා සහ බීටා ප්‍රෝටීන් දාම නිපදවෙන්නේ නැතිනම්, රුධිර සෛලවල ස්ථාවර බව නැතිවී යනවා. රුධිර සෛල දිය වන්නට පටන් ගන්නවා.
තැලසීමියාව රෝගයේ දී සිදුවන්නේ මෙම සිදුවීමයි. හිමොග්ලොබින් අණු තුළ ඇල්ෆා දාම නැතිනම් එම තත්ත්වය ඇල්ෆා තැලසීමියාව ලෙසත් බීටා දාම නැතිනම් එය බීටා තැලසිමියාව ලෙසත් හඳුන්වනවා. ඉතා සරලව හඳුන්වන්නේ නම් තැලසීමියා රෝගයේදී සිදුවන්නේ රුධිරය දියවීමයි. තැලසීමියා රෝගයේ රෝග ලක්ෂණ ළමයකු ඉපදී වසර කීපයක් ගතවන විට මතුවෙනවා.
තැලසීමියාවට ගොදුරු වූ දරුවකුගේ ශරීරයේ රුධිරය දියවීම නිසා ළමයා සුදු මැලිවෙනවා. වර්ධනය ඇන හිටිනවා, ක්‍රියාකාරිත්වය අඩු වෙනවා. රුධිරය දියවෙමින් යනවිට හෘදයේ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාමට අපහසුවෙනවා. මේ සඳහා කළ හැකි එකම ප්‍රතිකාරය වන්නේ බාහිරින් රුධිරය ලබාදීමයි. එහෙත් දිගින් දිගටම රුධිරය දියවෙමින් යනවිට අක්මාව, ප්ලීහාව වැනි ඉන්ද්‍රියයන්ට හානිවීමට පටන්ගන්නවා.
ඊට අමතරව ඇට මිදුළු විස්ථාරණය වීම නිසා මුහුණ විකෘති ස්වභාවයක් ගන්නවා. එසේම ඇට කටු දුර්වල වී ඒවා කැඩීමට පටන් ගන්නවා. වර්ධනය අඩාලවීම නිසා මිටි වෙනවා. දිගින් දිගටම රුධිරය ලබාදීමෙන් මෙම ප්‍රශ්න බොහොමයක් විසඳා ගත හැකි ය. සාමාන්‍යයෙන් මසකට වරක් රුධිරය ලබාදිය යුතුයි. එය ජීවිත කාලය පුරාම කළ යුතුයි.
මම රෝගය නිසා අපේ ලෝකයේ යහපත් මිනිසුන් බොහාමයක් විනාශ වී තිබිනවා............මෙයින් වැළකීමට දැන්ම ඔබ වගබලා ගන්න

0 comments:

Post a Comment