Pages

Sri Lanka National Flag

<--http://www.bloggertricksandtoolz.com/ -->

Featured Posts

.
banner

රටේ වෙන දේ දැන්ම දැනගන්න

Wednesday, May 29, 2013

Obe Sithuwam - Janaa

ඔන්න අපේ කොල්ලගේ (ජනා)ගේ අලුත්ම සින්දුව අරන් අවා බා ගන්නකො එහනම්
Download

Wednesday, May 15, 2013

Adaraye Unusuma Laga 2- Janaka Krishantha(ආදරයේ උණුසුම ලග 2-ජනා)


කොහමද යාලුවනේ මේ සින්දුව ගැන ආයේ විශ්ෂයෙන් මොනවත් කියන්න ඕන නෑ මොකද මේක ගැන ඔක්කම දන්නවා ඔය පහල තියෙන ලින්ක් එකෙන් සින්දුව බා ගන්නකො
Download

සින්දුව අහන්න ඕනනම් මෙන්න

Tuesday, May 7, 2013

ඕනෑම සංඛ්‍යාවක වර්ගය ලබා ගැනීමේ කෙටි ක්‍රමය ෴

උපුටා ගැනීම සිතුවිලි හන්තාන



ගොඩක් අයට මතක ඇති ද්විපද ප්‍රසාරණය. O/L වලදි තමයි ඒ ගැන ඉගෙන ගන්නේ.
(‍x+y)2 වගේ ඒවා අපි ගත්තේ " මුල් පදයේ වර්ගය + පද දෙකේ ගුණිතයේ දෙගුණය + අග පදයේ වර්ගය" කියන ක්‍රමයට නේ...

ඉතින් මේ කෙටි ක්‍රමයත් ටිකක් ඒ වගෙයි. අපි උදාහරණයකින් ම වැඩේට් බහිමු.

242
මේකේ දි පටන් ගන්නේ අග ඉඳන්....

ඉස්සෙල්ලම අග පදයේ වර්ගය
4‍x4 = 16 නේ...
ඉතින් අපි ඒ 16න්, 6 ලියනවා උත්තරේ අග පදය විදියට....( 1 මතක තියාගන්න )

_ _ 6

ඊට පස්සේ පද දෙකේ ගුණිතයේ දෙගුණය
(2x4) x 2 = 16 නේ. ඒ 16 ට එකතු කරනවා අර කලින් 16 යේ 1.( 6 කලින් ලිව්වා නේ. ඉතිරි වුණ 1 තමයි අපි එකතු කරන්නේ මේ 16 ට ) 16+1 =17 නේ...
ඉතින් අපි අග තියෙන 7 ලියනවා උත්තරේ මැද පදය විදියට....( 1 මතක තියාගන්න )

_ 7 6

ඊට පස්සේ මුල පදයේ වර්ගය
2x2 = 4 නේ. 4 ට එකතු කරනවා අර කලින් 17 තේ මතක තියාගත්ත 1.
4+1 = 5 නේ...
ඉතින් ඒ 5 ලියනවා උත්තරේ පළවෙනි පදය විදියට.....

5 7 6

ඔන්න උත්තරේ....මේක හිතෙන්ම කරන්න පුළුවන් නේද....



අපි බලමු තව උදාහරණයක්...!

162

62 = 36 යි. ඒකෙන් 6 ලියාගත්තා.( ඉතිරි 3යි.)
_ _ 6

(1x6) x 2 = 12 යි. 12+ කලින් ඉතිරි 3 = 15 යි. 15න් 5 ලියාගත්තා.(ඉතිරි 1 යි.)

_ 5 6

12 = 1 යි.
1+ කලින් ඉතිරි 1 = 2 යි. ඒකත් ලිව්වා....

2 5 6 
ඔන්න උත්තරේ....!!

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....අංක 2 ක් තියෙන ඒවට විතරද මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්....????  නෑ...
ඉලක්කම් ඕනම ගණනක සංඛ්‍යාවකට මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්.....!!

උදාහරණයක් විදියට 123 බලමු....

1232
32 = 9 යි...
 _ _ _ _ 9

12x3 = 36 යි. 36 යේ දෙගුණය 72යි. ( 7 මතකයට)

_ _ _ 2 9

122 = 144 යි. ඒකට ඉතිරි 7 එකතු කරාම 151 යි. ඒක එහෙමම ලියනවා....


1 5 1 2 9
ඔන්න උත්තරේ..!

මේකෙදී අපි කරේ එකස්ථානයේ ඉලක්කම වෙනම තනි කරලා, අනිත් ඒවා එක වෙනමම සලකපු එක....



තව එකම එක උදාහරණයක් කෙටියෙන් බලමුකෝ.....

622

2 වරක් 2, 4 යි.....

_ _ _ 4

6 වරක් 2 ,12 යි. 12 හේ දෙගුණය 24 යි. 2 මතක තියාගත්තා...
_ _ 4 4


6 වරක් 6, 36 යි. 36 යි මතක තියාගත්ත 2යි එකතු කරාම 38 යි...

3 8 4 4
ඔන්න උත්තරේ..!

      මම හිතනවා මීට වඩා උදාහරණ අවශ්‍ය වෙන්නේ නැති වෙයි කියලා. Double R Method එක හැමෝටම තේරෙන්න ඇති. තේරුණේ නැති තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්නකෝ.....
(වර්ගය හොයන්න ඔච්චර දඟලන්න ඕනිද අහන්න එපා ඉතින්. Calculator එක පාවිච්චි කරන්න පුළුවන් නේ කියලා කියන්නත් එපා. A/L , O/L වලට තාම ඒවා තහනම් නේ.....ඒ නිසා මේක වැදගත් වෙයි.....)

විශේෂ ස්තුතිය අපේ රන්දු අයියාට

Thursday, May 2, 2013

| දෙමුද Desktop එකට පොඩි ගතියක්? පින්තූරයක් වෙනුවට කැමති Video එකක් Desktop Wallpaper හැටියට දාමු.

උපුටා ගැනීමකි...http://www.mysinhalablog.com/


ආයුබෝවන් හැමෝටම, ගොඩ කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරිවුනානේ. ඒ හින්ද අද පොඩි පෝස්ට් එකක් ගෙනාවා. ඒත් එක්කම අලුත් ටෙම්ප්ලේට් එකකුත් බ්ලොග් එකට දැම්මා. ඒක කොහොමද කියලත් කොමන්ට් එකකින් කියන්න. 
හරි, අද පෝස්ට් එකෙන් මොකද්ද වෙන්නේ. ඩෙස්ක්ටොප් පින්තූරයක් වෙනුවට වීඩියෝ එකක් දාන හැටියි අද පෝස්ට් එකෙන් මම පෙන්නන්න යන්නේ...


මේ සඳහා අපිට සහාය වෙන එකම ප්ලෙයර් එකVLC Media Player . ඒක කොම්පීටරේ දාල නැත්තං ගූගුල් සර්ච් එකක් දාල ඒක ඉන්ස්ටෝල් කරගන්න. ඒක ෆ්‍රී දෙන එකක් නිසා ලින්ක් එකක් දාන්න ඕන නෑ.. නේ...

හරි දැන් VLC එක Open කරලා Tools > Preference යන්න. පහළ තියන පින්තූරය හැටියට DirectX video output යන්න තෝරන්න.

pc-tricks-sinhala
Add caption
  • දැන් Save කරල VLC එක Close කරල ආයේ VLC ඕපන් කරන්න.
  • අවශ්‍ය වීඩියෝ එක ප්ලේ කරල, 

උඩ ටැබ් එකේ Video ක්ලික් කරල Set as Wallpaper (නැත්නම්DirectX wallpaper) යන්න ක්ලික් කරන්න.

එච්චර්යි වැඩේ. අවුලක් නම් කොමන්ට් එකකින් අහන්න. මේ පෝස්ට් එක ගැන කොමන්ට් එකක් දාන්න. 

අපේ ෆේස්බුක් පිටුවට ලයික් එකක් දාන්න.

ඒ නම් මම ගියා...